නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරනවා
නීතිපතිවරයාගේ පමණක් නොව රජය යටතේ ඕනෑම ආයතනයක ස්වාධීනත්වය ආරක්ෂා කරන බව ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (23) අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
"නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය වෙනුවෙන් අපේ 159 දෙනාත් ජනාධිපතිතුමාත් පෙනී සිටිනවා. ඒකයි ක්‍රමය. සමාජ මාධ්‍යවල තහවුරු නොකරගත් ගොඩාක් මත යනවා. විපක්ෂ නායකතුමා ගැනත් විවිධ කථා යනවා. විපක්ෂ නායකතුමා සම්බන්ධව අලි මන්තර කථා යනවා. විපක්ෂ නායකකම ළමයෙකුට දුන්නා නම් හොදයි වගේ කතා කියනවා. මේ රජය යටතේ නීතිපතිවරයාගේ පමණක් නොවෙයි ඕනෑම ආයතනයක ස්වාධීනත්වය ආරක්ෂා කරනවා.
මට ජනාධිපතිතුමා ගැනත් මගේ කණ්ඩායම ගැනත් විශ්වාසයි. මට මේ ඇමතිකම ලබාදී තිබෙන්නේ සමාජ මාධ්‍ය මගින් නොවේ. ගරු ජනාධිපතිතුමායි. මේ රජය යටතේ නීතිපතිවරයාගේ පමණක් නොවේ ඕනෑම ආයතනයක ස්වාධීනත්වය මෙන්ම නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මොන තනතුරේ හිටියත් කොහේ හිටියත් වැරදි කරනවා නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අපි පැකිලෙන්නේ නැහැ. වැඩකරන කොට වළං කඩේට පැන්න ගොනා වගේ ඇණ ගෙන යන්නෙත් නැහැ."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

