බත්තරමුල්ල අකුරේගොඩදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් හෙට දිනය තුළ සිය වෘත්තිය කටයුතුවලින් බැහැරව සිටින බව ශ්රී ලංකා නීතිඥ සංගමය පවසයි.
එම සංගමය අද (15) පස්වරු 3.00ට කැඳවන ලැබූ හදිසි රැස්වීමේදී මෙම තීරණයට එළඹිණි. සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාගේ ප්රධානත්වයෙන් මෙම රැස්වීම නීතීඥ සංගම් ශ්රවණාගාරයේදී පැවැත්විණි.