පුරාවිද්‍යා භූමියක කැනීමක් සිදු කර ලබා ගත් පෞරාණික වටිනා කමකින් යුතු රන් කාසි බව පවසමින් සත්ව රූප සහිත රන් පැහැ කාසි තොගයක් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට කොළඹ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට විකිණීමට යාමේදී චීවරධාරියෙකු, ශිෂ්‍ය භට බලකායට අනුයුක්ත සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු ඊයේ (1දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, භික්ෂු හැඳුනුම්පතක් සන්තකයේ නොතිබූ 62 හැවිරිදි චීවරධාරියෙකු, ශිෂ්‍ය භට බලකායට අනුයුක්ත පුහුණු සාමාජිකයෙකු වන 43 හැවිරිදි පුද්ගලයෙකු සහ අනුරාධපුර, කීරික්කුලම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකි.
අනුරාධපුර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් ලෙස පෙනී සිටි මෙම චීවරධාරියා සහ සෙසු සැකකරුවන් දෙදෙනා එක්ව, කොළඹ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු අනුරාධපුර නව නගරයට සූක්ෂම ලෙස ගෙන්වා ගෙන ඇති බවත්, එහිදී රන් පැහැ ලෝහ කාසි , ලක්ෂ 170ක මුදලකට
විකිණීමට පරීක්ෂා කර බලමින් සිටින අතරවාරයේදී ලැබුණු තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළේය.
සත්ව රූප කෙටූ රන් පැහැ එම කාසි 52ක ප්‍රමාණය සමග 'රසදිය' අඩංගු භාජනයක් සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් බවත් රන් කාසි පරීක්ෂාකර බැලීම සඳහා එම රසදිය රැගෙන ආ බවට සැක කරන බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා ඊයේ (2 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් අත්අඩංගුවට ගත් රන් කාසි අධිකරණයට ඉදිරිපත් කර එහි පුරාවිද්‍යා වටිනාකමක් තිබේද යන්න පිලිබඳව පුරාවිද්‍යා වාර්තාවක් ලබා ගැනීමට සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බවද පොලිසිය කියයි.