අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කර සිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(15දා) නියම කෙරිණි.
ඒ අනුව රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරු මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර, සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කෙරිණි.