රසායනික ද්‍රව්‍ය භාවිතා කොට නිවැසියන් නිදි ගන්වා දඹුල්ල මිරිස්ගෝනියාව හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (08දා) අලුයම ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ මුදල් රන් භාණ්ඩ සහ මෝටර් රථයක් කොල්ලකා පලාගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
අලුයම 3 ට පමණ මෙම කොල්ලකරුවන් නිවසේ පිටුපස ප්‍රදේශයෙන් ඇතුළු වී නිවසේ ඉදිරිපිට ජනේලයක යකඩ රාමු ගලවා නිවසට ඇතුළු වී නිවසේ තිබූ සෑම ස්ථානයක්ම පරීක්ෂාකොට තද නින්දේ පසු වූ නිවසේ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් තිබේ.
කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය කඩන අවස්ථාවේදී ඇයට සිහිය පැමිණි බලද්දි නිවසට ඇතුළු වූ පුද්ගලයා පලා ගිය බව ඇය පොලිසියට සඳහන් කර තිබේ
නිවසේ තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාව ද මෙම කොල්ල කරුවන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. නිවසේ තිබූ මුදල් සහ රන්භාණ්ඩ රැගෙන නිවසේ ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය ද රැගෙන පළලා ගිය බව නිවැසියන් පොලිසියට පැමිණිලි කොට තිබේ
මේ පිළිබඳව සොයා බැලීමේදී දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ඔවුන් රැගෙන ගිය මෝටර් රථය දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
නිවැසියන් පොලිසියට කියා ඇත්තේ උදෑසන වන විට තම නිවසේ කාමරවල දැඩි දුර්ගන්ධයක් සමග මත් වන ස්වභාවයක් හුස්ම ගැනීමේ අපහසුතා කරකැවිල්ල හිසරදය පවතින බවය .
එමෙන්ම නිවසේ ඇතිකළ සුනඛයාද සිහිමද ගතියකින් පසුවන බවද නිවැසියන් පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
මෙම නිවස ඉතා ආරක්ෂිතව තිබූ නිවසක් බවත් තාප්ප බැඳ ගේට්ටු සවි කොට ආරක්ෂිත කැමරා පද්ධති සවි කොට තිබුණු නිවසක් මේ ආකාරයෙන් කොල්ල කරුවන්ගේ ග්‍රහණයට නතු වී තිබෙන බවද පොලිසිය කියයි.
මීට වසර කිහිපයකටකට ඉහත දී මේ ආකාරයෙන්ම මෙම නිවසය කොල්ල කරුවන්ගේ ග්‍රහණයට නතුව තිබිණි. ඒ අවස්ථාව වන විට මෙම නිවසේ වෙනත් පිරිසක් පදිංචිව සිටි බවත් මෙම පිරිස් කුලී පදනම මත නිවසේ රැඳී සිටින පිරිසක් බව පොලිසිය කියයි
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශය විසින්ප රීක්ෂණ සිදුකරනු ලබයි.මේ වනවිට මාතලේ සොකෝ අංශයේ පොලිස් කණ්ඩායමක්ද පැමිණ පරීක්ෂණ ආරම්භ කොට ඇත .


