නිවාස ණය වාරික වලින් ලක්ෂ 25 ක් වංචා කළ නිලධාරිනිය අල්ලයි
නිවාස ණයකරුවන් ගෙවන වාරික මුදල් වලින් රුපියල් ලක්ෂ 25 කට ආසන්න මුදලක් වංචා කල බවට සැකපිට කළුතර නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයකර ගැනීමේ නිළධාරිනියක අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.
නිවාස සංවර්ධන අධිකරණයේ විගණක නිළධාරියෙක් විසින් කල පැමිණිල්ලක් මත සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
වංචා කරන ලද රුපියල් ලක්ෂ විසිපහක පමණ මුදලින් කොටසක් ගෙවා ඇති බවත් , රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතින බවත් පැවසේ.
ණයකරුවන් විසින් ලබාදෙන වාරික වලට ලදුපත් නිකුත් කිරීමේදී කාබන් පිටපත ඉවත්කොට මුදල සඳහන් කරන ස්ථානයේ වංචනික ලෙස වෙනස් කිරීම් කර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.
ලදුපත් වලට අනුව පරිගණක දත්ත පද්ධතියද වෙනස් කර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වන බවත්, ඒ සඳහා තවත් නිලධාරීන් සහාය දක්වා ඇද්ද? යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකාරිය කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
