මාදම්පේ රත්මල්ගාර රජයෙ වතු යායෙන් පොල් සොරකම් කිරීමේ නිරත වු යුධ හමුදා ලාන්ස කෝප්රල් වරයකු වතු මුරකරුවන් හා පාලනාධිකාරිය එක්වි මාදම්පේ පොලිසියට 18 දින අලුයම භාර දීමට කටයුතු කර තිබුනී.
මෙසේ පොලිස් අත් අඩංගුවට පත්ව ඇත්තේ මුරුංකන් ජීවනගර් පිහිටි 8 වන විජය බාහු පාබල රේජීමේන්තුවේ සේවය කරන මාදම්පේ පදිංචිකරුවෙකු බව කියයි.
මෙම ලාන්ස් කෝප්රල් වරයා පසුගිය 14 දින සිට නිවාඩු ලබා පැමින සිට ඇති අතර රත්මල්ගාර රජයෙ වතු යායෙන් පොල් සොරකමේ නිරතව සිටියදි අලුයම වතු අධිකාරිවරයා හා මුරකරුවන් එක්වි අල්ලා ගෙන ඇති බව කියයි.
පොල් සොරකමේ නිරතව සිටි ලාන්ස් කෝප්රල්වරයා වතු පාලනාධිකාරිය විසින් අත් අඩංගුවට ගන්නා අවස්ථවේදී සොරකම් කර රැගෙන යාමට එකතු කර තිබු පොල් ගෙඩි 182ක් සන්තකයෙ තබා ගෙන සිට ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
රත්මල්ගාර රජයෙ පොල් වතු යායෙ නිරන්තරයෙන් පොල් සොරකම් සිදුවන බවත් එම සොරුන් අත් අඩංගුවට ගැනිමට පාලනාධිකාරිය හා මුරකරුවන් විසින් නිරන්තර සෝදිසියෙන් සිටින බවද කියයි.
මෙසේ වතු පාලනාධිකාරිය නිරන්තර සෝදිසියෙන් පසුවන අවස්ථාවේදි මෙසේ පොල් සොරකමේ නිරත වු ලාන්ස් කොප්රල් වරයා අත් අඩංගුවට ගැනිමට සමත් වි තිබුනී.
මාදම්පේ පොලිසිය භාරයට පත් වු අදාල සැකකරු 18 දින දහවල් හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
මාදම්පේ පොලිසිය අදාල සිද්දිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ ආරම්භ කර ඇත.