නිවාඩුවට නිවසට පැමිණ සිටි යුදහමුදා සෙබළෙකු ඉකුත් (28) වෙනිදා රාත්රී නිවසේ නිදන කාමරයේ බාල්කයක එල්ලී ගෙලවැලලාගෙන මියගොස් ඇතැයි දඹගල්ල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ දඹගල්ල කෝට්ටගල මහලන්ද පදිංචි විශ්වමඩු යුදහමුදා කඳවුරේ සේවයකරන තුසිත චන්දන විජේසිංහ (31) නැමති එක්දරු පියෙකි.පවුලේ පැවති ආරවුලක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
මියගිය අයගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඉකුත් (29) වෙනිදා මොනරාගල දිස්ත්රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. දඹගල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.