මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේ සිදුකල වැටලිමකදී අයිස් මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගනිමින් ජාවාරමේ නිරත වු යුධ හමුදා සෙබලෙකු මිද්දෙණිය පොලිසිය විසින් 02 දින සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෝරකොලයාය, මුල්ඇඬියාවල ඇඹිලිපිටිය පදිංචි 18 වන ගැමුණු හේවා බලඇණියට අනුයුක්තව කටුවැව, හම්බන්තොට පිහිටි 12 වන සේනාංක මූලස්ථානයේ සේවය කරන 37 හැවිරිදි යුධ හමුදා සෙබලෙකි.
වැටලීමේදී සැකකාර සෙබලා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3700ක් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීමේදි අනාවරණය වි ඇත්තේ සැකකරු නිවාඩු ලබා නිවසට පැමිණි අවස්ථාවේ මෙලෙස අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවයි.
සැකකරු වලස්මුල්ල මහේසත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.
සූරියවැව ණුවන් ජයසේකර