තම නිවසේ නාන කාමරයේ වැටී තරුණියක් මිය යාම, සැකකටයුතු මරණයක් බවට පත්වීම නිසා අදාල සිද්ධියේ පරීක්ෂණ කටයුතු වෙනස් මගකට යොමු වී ඇතැයි වත්තල පොලිසිය පවසයි.
හැඳල බලගල ප්‍රදේශයේ පදිංචිව සිටි තිස් දෙහැවිරිදි අවිවාහක තරුණිය නාන කාමරයේදී වැටී මියගිය බවට එම තරුණියගේ පියා විසින් නොවැම්බර් 24 දා වත්තල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
රාගම මහා රෝහලේදී 25 දා පැවැති හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කිරීමේදී අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් අදාළ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට පොලිසියට දැනුවත් කර ඇත.
ඒ අනුව අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (26) දින වැඩබලන මහේස්ත්‍රාත් හිලේරියන් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු අතර අදාල පශ්චාත් මරණ පරීක්ෂණටය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නොපැමිණීම නිසා හෙට (27) දින සදුදා දක්වා කල් තැබිණි.
වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ය අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබති.
වත්තල - ස්ටැනිස්ලස් පයස්