නිවසේ ගෙට්ටුව කඩාවැටී ඊට යටවීමෙන් තුන්හැවිරිදි දරුවා මරුට
මුලතිව්,කේපාපිලව් ප්රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී කඩාවැටීමෙන් එයට යටවූ වයස අවුරුදු තුනක දරුවෙකු ඊයේ (14) දින ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවේලි පොලිසිය පවසයි.
කේප්පාපිලව් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක් වු ආදවන් ලිදුසිකන් නමැති පිරිමි දරුවෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.
මිය ගිය දරුවා ගේට්ටුවේ එල්ලි සෙල්ලම් කරමින් සිට ඇති අතර එම අවස්ථාවේදී අවසනාවන්ත ලෙස ගේට්ටුවේ ඇන ගැලවී දරුවාගේ ඇඟ මතට කඩා වැටී ඇති බවද මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.
ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් තුවාල ලබා බරපතල තත්වයේ සිටි දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.
දරුවාගේ මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතය බවටද පරික්ෂණ සිදුකරන මුල්ලියාවේලි පොලිසිය වැඩිදුරටත් පැවසිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
