නිවසක් නායගොස් සිව්දෙනෙකු ජීවිතක්ෂයට, ආපදා මරණ 7ක්
- 4 08 2026
- 08:31
- {{hitsCtrl.values.hits}} views
- ..
2026.08.03 දින උදෑසන පොල්පිටිය පොලිස් වසමේ මොරහේනගම ප්රදේශයේ නිවසක් නාය යෑමට ලක්වීම හේතුවෙන් නිවස තුල සිටි කාන්තවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇති බවට පොල්පිටිය පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරියන් දෙදෙනෙකු අවුරුදු 47 සහ 83 වයස්වල පසු වූ මොරහේනගම එම නිවසේ පදිංචිකාරියන් වන අතර අනෙක් මරණකරු අවරුදු 22 හා මරණකාරිය අවුරුදු 58 ක් වූ මාතලේ ප්රදේශයේ සිට පැමිණි ඔවුන්ගේ ඥාතීන් දෙදෙනෙකු බවට හදුනාගෙන ඇත.
යුධ හමුදා නිලධාරින්, ප්රදේශවාසීන් හා එක්ව පොල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් මෙහෙයුමක් සිදුකර මෘත ශරීර සොයාගෙන ඇත. පොල්පිටිය පොලිසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මිට අමතරව තවත් ආපදා මරණ තුනක් පහත පරිදි වාර්තා වි තිබේ.
දියේ ගිලි අතුරුදන්වීමක් - ගිනිගත්හේන පොලිස් වසම.
2026.08.03 දින දහවල් ගිනිගත්හේන පොලිස් වසමේ අඹගමුව ප්රදේශයට හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවුනු මාර්ගයක ගමන්ගත් පුද්ගලයෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බවට ගිනිගත්හේන පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.අතුරුදන් වූ පුද්ගලයා අවුරුදු 45 ක් වූ අඹගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. ගිනිගත්හේන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
හදිසි මරණයක් - වටවල පොලිස් වසම.
2026.08.03 දින සවස වටවල පොලිස් වසමේ ඥානානන්දගම මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති පාලම මතින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මහවැලි ගඟට වැටී දියේ ගිලී මියගොස් ඇති බවට වටවල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකරු අවුරුදු 53 ක් වූ වටවල ප්රදේශයේ පදිංචිකරුවෙකි.මෘත ශරීරය වටවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වටවල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
හදිසි මරණයක් - නාවලපිටිය පොලිස් වසම.
2026.08.03 දින අළුයම නාවලපිටිය පොලිස් වසමේ සෝලංකන්ද ජනඋදාන ගම්මානයේදී පස් කන්දක් වෙළඳසැලකට කඩා වැටී එයට යටවී පුද්ගලයෙකු මියගොස් ඇති බවට නාවලපිටිය පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 67 ක් වූ සෝලංකන්ද ප්රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු තම වෙළඳසැලේ සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර නාවලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
