නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්රහාරයකින් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
- 11 09 2026
- 07:54
- {{hitsCtrl.values.hits}} views
- ..
අද දින අළුයම් කාලයේ දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්රදේශයේ නාඳුනන පුද්ගලයකු විසින් නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්රහාරයකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු සහ ළමුන් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ළමුන් දෙදෙනා මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව දෙහිවල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන දෙහිවල ප්රදේශයේ පදිංචි පිරිමි ළමුන් දෙදෙනා වන අතර තුවාලකරු වයස 55 ක් වන ඔවුන් ගේ පියා වේ.
මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෙම අපරාධයට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වි නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
