නිල නිවාස නොමැතිකමින් එක්කෝටි අසු අටලක්ෂයක් බාහිරට ගෙවලා
හලාවත මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ට හා අනිකුත් වෛද්‍යවරුන්ට නිවාස පහසුකම් සැපයිමට ප්‍රමාණවත් රජයේ නිවාස රෝහල සතුව නොතිබිම සහ අළුතින් නිවාස ඉදිකිරිමේ වැඩපිළිවෙළක් නොමැතිවිම හේතුවෙන් ඉකුත් වසර තුන තුලදි (2022,2023,2024) නිල නිවාස වෙනුවෙන් බාහිර පාර්ශවයන්ට රුපියල් එක්කෝටි අසුඅටලක්ෂ,හැටනමදහස්,හත්සියපනස්දෙකක මුදලක් (18,869,752) රජය මගින් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
2022 වර්ෂයේ නිල නිවාස කුලි මුදල් ලෙස රුපියල් හැටදෙලක්ෂ අනුහතරදහස් එකසියයක මුදලක් (6,294,100) ගෙවා ඇති අතර 2023 වර්ෂයේ දි ගෙවා ඇති මුදල රුපියල් හැටදෙලක්ෂ අනුදහස් හත්සියයකි. (6,290,700) 2024 වර්ෂයේ දි හැටදෙලක්ෂ අසුහතරදහස්,නමසියපනස්දෙකක මුදලක් (6,284,952) නිල නිවාස වෙනුවෙන් ගෙවා තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                