නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට
ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (25දා) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම සිදු විය.
මීට සමගාමීව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කොළඹ දිස්ත්‍රික්කයට අදාළ තැපැත් ඡන්ද පත්‍රිකා භාර දීම නිළ වශයෙන් සිදු විය.
මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සතියේ දිනයන්ට අමතරව නොවැම්බර් මස 03 හා 10 යන ඉරිදා දිනයන්හි දී ද බෙදා හැරීම සිදු කිරීමට නියමිතය.
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සඳහා ස්ථීර සේවකයින්ට අමතරව තාවකාලික සේවකයින් ද යොදා ගැනීමට නියමිතය.
තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම පසුගිය 15 දින සිදු කළ අතර තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම පසුගිය 18 දින සිදු කළේ ය.
එමෙන් ම තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකාව බෙදා දීමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් 03 දින කටයුතු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම නොවැම්බර් 09 දින අවසන් වෙයි.
එමෙන් ම යම් ලෙසකින් නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණු ඡන්ද දායකයෙක් වේ නම් ඔහුට තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලවට ගොස් තම අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද පත්‍රිකාව ලබාගත හැකිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

