බිබිල නිල්ගල වන රක්ෂිතයේ අද (07දා) ඇතිවු ගින්නක් සීඝ්රයෙන් පැතිරීගොස් පැය තුනකට පසු නිවී යෑමෙන් පසු අක්කර සිය ගණනක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් තිබෙන බව අවට ගම්වාසින් පවසති.
බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ,බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර,බුරුත,ගම්මාලු,ඇතුලු වටිනා දැව ගස් හා අලි,කොටි.වළසුන්,වල්ඌරන්,මිමින්නන්,හාවුන්,මුවන්,ගෝනුන්,පක්ෂීන් හා උරගයින් ඇතුලු දුරුලබ වර්ගයේ වන සතුන් විශාලවශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසක වනයකි.
සෑම වසරකම නියං කාලය වන ජුලි සිට සැප්තැම්බර් මාසවලදී වනය විටින් විට මාස දෙක තුනක් තිස්සේ ගිනි ගැනීමෙන් අක්කර දහස් ගණනක් ගින්නට හසුවී වනයේ යටි රෝපනය වන මානම් ඉලුක් ඇතුලු ශාක විනාශ වී යන බව ගම්වාසීන් පවසති.
වසරක් පාසා වනය ගිනි ගැනීම නිසා කුඩුම්බේරිය ශාක හා අරළු,බුළු,නෙල්ලි ඵලදාව සරු වන බව ගැමියන්කියන අතර ඇතැම් අවස්ථාවලදි ප්රදේශයේම ජනතාව වනයට ගිනි තබති.
බිබිල අඩවි වන නිළධාරී වයි.සී.එස් ගුනවර්ධන මහතාගෙන් සිදු කළ විමසීමකදී කියා සිටියේ වනය ගිනි ගන්නා අවස්ථා වලදී වන අඩවි කාර්යාලයේ නිළධාරීන් එක්ව ගින්න නිවා දමන බවයි.ඇතැම් අවස්ථා වලදි යුද හමුදාව යොදවනවා. නියං කාලයේදී සුලග නිසා පැතිරී යන ගින්න නිවන්න අසීරු බවද පවසන නිළධාරියා කියා සිටියේ වනය ආරක්ෂා කිරීමට නිතර කැපවන බවයි.
ලුණුගල ප්රසන්න පත්මසිරි


