නිරෝෂන්ගේ සිහිනය ඉටුවෙයි
“සමාජයක ඇස් අරවන්න හිත් විවරකරන්න හැකිවන්නේ මාධ්‍යට මාධ්‍ය නැතිනම් මෙවන් දක්ෂතා ඇති දරුවෙකු ලොවට හදුන්වාදිමට හැකියාවක් නෑ. අද වෙබ් අඩවිය ඇතුලු සියළුම මාධ්‍ය ගත් උත්සහය අගය කරනවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා පවසයි.
සුගත් වසන්තද සිල්වා මහතා මෙසේ පැවසුයේ පූර්ණ ලෙස දෘෂ්‍යාබාධිතව සිටියදී උසස් පෙළ විභාගයට පෙනී සිට A සමාර්ථ තුනක් සහිතව මාතලේ දිස්ත්‍රික්කයේ 31 වැනියා ලෙස සමත්ව විශ්වවිද්‍යාල වරම් ලද නිරෝෂන් ධනංජය සඳරුවන් චන්ද්‍රසිරි තරුණයාගේ සුවදුක් විමසීම සඳහා මාතලේ පල්ලේපොළ අකුරම්බොඩ නිවසට ගිය අවස්ථාවේ දීය.
උසස් පෙළ විභාගය සමත්ව විද්‍යා පීඨයට ඇතුළු වීමට සුදුසුකම් ලබා සිටියදී හිටිහැටියේ පූර්ණ අන්ධභාවයට පත්වූ නිරෝෂන් කිසිදු ගුරුවරයෙකු හමුවට නොගොස් ස්වෝත්සාහයෙන් අධ්‍යයන කටයුතු සිදුකර මෙවර උසස් පෙළ විභාගයෙන් A ලබා ගැනීමට සමත්වි ඇති බව අද වෙබ් අඩවියේ 05_04_2025 දින ඵල විය ඉන් අනතුරුව සුගත්වසන්තද සිල්වා මහතා පසුගියදා මෙම තරුණයගේ නිවසට ගොස් දස්කම් අගයමින් නිවස අලුත්වැඩියා කරදිම සදහා පල්ලෙපොළ ප්‍රාෙද්ශිය ලේකම්වරිය ද හමුවි සාකච්චා කළේය.
නිරෝෂන් ධනංජය සඳරුවන් චන්ද්‍රසිරි නැමැති මෙම තරුණයා 2018 වසරේදී දෘෂ්‍යාබාධිත රෝගයකට ගොදුරුවී තිබෙන අතර එයට ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී 2024 දී පූර්ණ අන්ධ භාවයට පත්ව ඇත. රෝගි තත්ත්වය සුවපත් කර ගැනීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී දියවැඩියාව ඇතුළු තවත් රෝග ගණනවකට ගොදුරුවීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු සියල්ල අත්හැර දමා සිටි නිරෝෂන් පූර්ණ අන්ධභාවයට පත්වීමෙන් පසු උසස් පෙළ විභාගයට යළි පෙනී සිටීම සඳහා සූදානම් වී තිබෙන්නේ මාස 09 ක් වැනි කෙටි කාලයකදීය.
හොඳින් පෙනීම තිබියදී රෝගී තත්ත්වයක් හේතුවෙන් පූර්ණ අන්ධ භාවයට පත් නිරෝෂන් 29 වැනි වියේ සිටියදී 2025 වසරේදී යළි අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නට තීරණය කරමින් මාස 09 ක් වැනි කෙටි කාලයකදී උසස් පෙළ විභාගයට පෙනී සිටි මෙවැනි විශිෂ්ඨ ප්‍රතිපලයක් ලබා ගැනීම රටක් ලෙස අප සියලු දෙනා අගය කළ යුතු ක්‍රියාවක් බව සදහන් කල සුගත් වසන්තද සිල්වා මහතා ඔහුගේ අවශ්‍යතා ඉටුකර දීමට රජය අවශ්‍යය පියවර ගන්නා බව එහිදි අවධාරනය කළේය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු සුගත් වසන්තද සිල්වා මහතා විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම් ලබන ආබාධ සහිත සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව දීමනාවට අමතරව රුපියල් 5000 ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙන බවත් අදාළ දීමනාව සඳහා මුදල් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන බවද සදහන් කළේය.
ආබාධ සහිත පුද්ගලයෙකු අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා විවිධ වූ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් බවත් එවැනි අයෙකු විශ්වවිද්‍යාල වරම් ලද විට දිරිගැන්වීමේ අරමුණ මෙම මුදල් වෙන් කිරීම තුළ තිබෙන බවද ඒ මහතා සදහන් කළේය.
ආබාධ සහිත පුද්ගලයින් සඳහා නිවාස සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව ක්‍රියාවට නන්වා තිබෙන බවත් ඒ යටතේ නිවසක් අලුත් වැඩියා කර ගැනීමට රුපියල් ලක්ෂ 05 ක උපරිමයක් ද අලුතින්ම නිවසක් ඉදිකර ගැනීමට රුපියල් මිලියනයක්ද ලබාදෙන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය. ඊට අමතරව ආබාධ සහිත පුද්ගලයින්ට ගැලපෙන ලෙස වැසිකිළයක් සකස් කර ගැනීමට තවත් රුපියල් ලක්ෂ 1 1/2 ක් ලබාදෙන බවද ඒ මහතා කීවේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

