අද (25දා) හා හෙට (26දා) දිනවලදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම බස්නාහිර හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක වැඩි තරමක තද වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බවත් ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හේ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.