පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දි ශල්‍යකර්මයකට මුහුණ දුන් වයස අවුරුදු දෙක හමාරක දරුවකුට ලබාදුන් නිර්වින්දන එන්නත විෂ වී එම දරුවා මිය ගොස් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි .
ඒ මහතාගෙන් කළ විමසුමකදී පවසා සිටියේ එම දරුවාගේ පාදයේ සිදු කළ ශල්‍යකර්මයක් සඳහා අදාල නිර්වින්දන එන්නත ලබාදී ඇති බවයි .
මෙරටට ගෙන්වා ඇති බාල නිර්වින්දන ඖෂධ භාවිතයෙන් ඉවත් කරනවා යයි සෞඛ්‍ය අමාත්‍යාංශය කොතෙක් පැවසුවත් එවැනි ඉවත් කිරීමක් පෙනෙන්නට නොමැති බව පැවසූ රවි කුමුදේශ් මහතා මෙය අති භයානක තත්වයක් බවද පැවසීය .