නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තුව තුළින් නම් දෙකක් යෝජනා විය. ඒ අනුව ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම යෝජනා කළේය.
ඒ සඳහා ආණ්ඩුවේ සහාය ලබාදෙන බව අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය. එසේම සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකර් මහතාගේ නම යෝජනා කළේය.
නම් දෙකක් යෝජනා වූ බැවින් නියොජ්‍ය කථානායකවරයා තෝරා පත් කර ගැනීමට ඡන්ද විමසීමක් පැවැත්වෙයි.