පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ නියෝජ්‍ය කථානායකධුරය සඳහා මන්ත්‍රීවරයෙක් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකිරීමට නියමිතව තිබේ. නියෝජ්‍ය කථානායකධුරය සඳහා ආණ්ඩුවෙන්, සමගි ජන බලවේගයෙන් හා ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පාර්ශ්වයෙන් යනාදී ලෙස මන්ත්‍රිවරුන් නම් කිරිමට නියමිතව තිබේ.