පාර්ලිමේන්තුව තුළ නියෝජ්‍ය කථානායක වරයෙක් පත්කර ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන ගණනක් වැය කරමින් අද දිනයේදී ඡන්දයක් පැවැත්වීමට නියමිතය.
මෙසේ ඡන්දයක් පැවැත්වීමකින් තොරව එක් අයෙකුගේ නම ස්ථිර කරන ලෙස ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඉල්ලා සිටි අතර ආණ්ඩුවත් විපක්ෂයත් ඒ සඳහා කැමැත්තක් නොදැක්වීය.
මේ අනුව අද දිනයේද පාර්ලිමේන්තුව තුළ රුපියල් මිලියන ගණනක් වෙන්කරමින් ඡන්දයක් පැවැත්වෙනු ඇත.
පසුගියවර අවසන් වරට පැවැත්වූ ඡන්ද විමසීමේදී රංජිත් සියඹලාපිටිය මහතා ජයගත් අතර පැය 24කට මත්තෙන් ඔහු ඉල්ලා අස්විය. ඒ අනුව රුපියල් මිලියන ගණනක මුදල් එදින අවසන් විය.
මෙහිදී ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සිය ඡන්දය කටුගාන බව විමල් විරවංශ මහතා සඳහන් කළේය.
ඡන්ද විමසීම ආරම්භ වී තිබේ.