යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි වන්දි ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 100ක් වෙන් කළ බවත් ඉන් කෝටි 50ක් මේන වන විටත් ගෙවා අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඉතිරි වන්දි මුදල් ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කඩිනමින් ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2023 වසරේ බලපෑ නියඟය හේතුවෙන් වී වගා බිම් අක්කර 65,000ක් හානියට පත් වූ අතර ගොවීහු 61,000ක් පීඩාවට පත් වූහ.කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කළ තක්සේරුවට අනුව වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වූයේ කුරුණෑගල හා වලව කලාපයෙනි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි සඳහා වෙන් කර ඇති මුදල රුපියල් තිස් හය කෝටි හැට ලක්ෂයකි.