නිමල් සිරිපාල මහතාගේ ඉල්ලීමට පත්කළ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට
ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීමට අනුව පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ වාර්තාව අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාර දුන්නේය.
පරීක්ෂණ කමිටුවේ සභාපතිනි විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් කමිටු වාර්තාව ජනාධිපති ලේකම්තුමා වෙත භාරදුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් වන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරුන් එම අවස්ථාවට සහභාගී වූහ.
මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව පසුගිය ජූලි 22 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පත් කරන ලදී.
popular news
-
sg Sunday, 31 July 2022 05:59 PM
This person should be retired now. enough...
Reply : 0 0
Kumar Monday, 01 August 2022 03:18 PM
Siripala mahathmay thoragath ayadha ema sabahawata path kaley.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

