ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්යහන්හි පළකර තිබූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී මතුකරන ලද කරුණ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීම අනුව ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර වාර්තා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති එම්.එම්. වික්‍රමසිංහ, විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වූ එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරු මෙම කමිටුවට පත්කර තිබේ.
පරීක්ෂණ වාර්තාව ජුලි 31 දිනට පෙර තමා වෙත ලබාදෙන ලෙසද ජනපතිවරයා දැනුම් දී තිබේ.