මාතර දිස්ත්රික්සංවර්ධන කමිටුවේ සම සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ දෙනියාය කලුගලහේන ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට අද (20දා) ගිය විරෝධතාකරුවන් පිරිසක් සිය විරෝධය පල කළේය.
විශේෂයෙන්ම එම නිවසේ ආරක්ෂාවට දැඩි පොලිස් රැකවල් යොදවා තිබු අතර පොලීසියේ සහායට පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැදවා තිබුණි.
දෙනියාය නගරය මධ්යයේරජයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වු විරෝධතාකරුවන් පිරිස පලමුව නිපුණ රණවක මහතාගේ පක්ෂ කාර්යාලය ඉදිරිපිටට ගොස් විරෝධය දක්වනු ලැබීය.
ඉන්අනතුරුව ඔවුන් විරෝධතා පා ගමනකින් 51 හංදියට ගොස් පසුව කලුගලහේනේ පිහිටි නිපුණ රණවක මහතාගේ නිවස ඉදිරිපිටට ගොස් තිබුණි.
එම නිවසට විරෝධතාකරුවන් ඇතුළුවීම වලක්වා ගැනීම ගේට්ටු වසා තිබු බව කියති.
පසුව පිරිස එම ස්ථානයේ කෑ කෝ ගසමින් විරෝධය දක්වාඅදහස් දැක්වීමක් ද සිදු කර විසිර ගියේය.
එම අවස්ථාවේ නිපුණ රණවක මහතාගේ ගෙවත්තේ සිටි සුරතල් අලි පැටවා විරෝධතාකරුවන් දෙස බලමින් හොඩය වනිමින් රංගනයක නිරත වු බව කියති.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සිදු වන අවස්ථාවේ මන්ත්‍රීවරයා අද (20දා) පාර්ලිමේන්තුවට සහභාගීවිය යුතු නිසා කොලඹගොස් සිටි බව දැන ගන්නට ඇත.
ක්‍රිෂාන් ජීවක ජයරුක්


