පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය කරපොල විල්ලුවට නුදුරින් අද (6දා) අලුයම නිධන් හාරමින් සිටි තිදෙනෙකු, අත්ටැක්ටර්යක් ජෙනරේටරයක්, ඇතුළු නිධන් හැරීමට යොදා ගත් භාණ්ඩ රැසක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී කාර්යාලය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් මනම්පිටිය, අරලගංවිල, ගල්ලෑල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලොන්නරුව වනජීවී කාර්යාලයේ වැටලීම් ඒකකයේ අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී පැවසීය.
සැකකරුවන් සතුව තිබූ විදුලි ජනන යන්ත්‍රයක්, අත්ටැක්ටරයක්, යකඩඉනි, සවල්, මල් පහන්, ඇතුළු පූජා භාණ්ඩ, ගල් විදින කුරු, ඇතුළු උපකරණ රැසක් අඩංගුඅඩංගුවට ගත් බවද විජේකෝන් මහතා පැවසීය.
මෙම සැකකරුවන් ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ දින කිහිපයක සිට නවාතැන් ගනිමින් පුරාවස්තු කැණීම් කර නිදන් වස්තු සොයා ඇති බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා නිධන් හෑරීමට යොදාගත් උපකරණ සමග හයවෙනිදා පොලොන්නරුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පරීක්ෂණ සිදුකරන වනජීවී නිලධාරීන් සඳහන් කරති.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු පොලොන්නරුව වනජීවී සහකාර අධ්යක්ෂවරයාගේ උපදෙස් මත පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකයේ අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරයි.
මනම්පිටිය නිමල් ජයරත්න