මහකළුගොල්ල පොලිස් වසමේ පොතුවිල් පාර 19 කණුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සිව් දරු පියෙකුට ඇයගේ බිරිඳ විසින් (23) වෙනිදා පොරවකින් පහරදීම නිසා බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
බිරිඳ විසින් පොරවකින් ඔහුගේ හිසට සහ කොන්ද ප්‍රදේශයට පහරදී ඇත.
ඊට පෙර දින රාත්‍රී නවයට පමණ සැමියා නිවසට පැමිණ ඇති අතර පසු දින පාන්දර හයයි තිහට පමණ මෙම පහරදීම සිදුකර තිබේ.
සිය සැමියා වෙනත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත මෙම පහරදීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ සැමියා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුලත් කර අසාධ්‍ය තත්වයෙන් පසුවීම නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර තිබේ.
දැනට ඔහු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
හතළිස් හැවිරිදි සැකකාරිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. (IJ)