ජාතික නිදහස් දින ඇතුලු ජාතික උත්සව අවසානයේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කරන ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයෙන් කළ ඉල්ලීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඊයේ (15දා) පැවති කැබිනට් මංඩල රැස්වීමේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් පසුගිය යහපාලන සමයේදි ජාතික නිදහස් දින උත්සවවල අවසානයේදි ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සිදු කළ නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමේන් පසු එම සම්ප්රදාය වෙනස් කළ බව පැවසු අමාත්‍යවරයා ලබන වසරේ සිට එය නැවත ගායනා කිරීම ආරම්භ කරන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒපමණක් නොව ජාතික උත්සව වලදි එසේ සිදු කරන්නේනම් එය ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැගීමට ද හේතු වන බව කැබිනට් මංඩලයට අවධාරණය කරන ලදි. ඒ අනුව ලබන වසරේ ජාතික නිදහස් දින උත්සවයේදි ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සිදු කිරීමට කැබිනට් මණ්ඩලයෙන් එකගතාවය පල විය.