නිදහස් සෞඛ්‍ය සේවාව තුරන් කිරීමට ඉඩ දෙන්නේ නෑ.
නිදහස් සෞඛ්‍යය සේවාව කප්පාදු කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත්, ගුණාත්මක තත්ත්වයෙන් තොර ඖෂධ භාවිත කරනවා යැයි කියමින් ඇතැම් සංවිධානාත්මක පිරිස් සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳ දැමීමට උත්සහ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, කාලාපුරයේ පදිංචිකරුවන් සඳහා ඉඩම් ඔප්පු ප්රදානය කිරීම නිමිත්තෙන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (12) පැවැති උත්සවයකට සහභාගී
නිදහස් සෞඛ්‍ය සේවාවට දේශපාලනික වශයෙන් පවා හානි කරන අවස්ථා පවතින බවත් වෛද්‍යවරුන් ලබා දෙන ඖෂධවල විශ්වාසය බිද දැමීමට ඔවුන් උත්සහ කරන බවත් ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ ලබාදී වර්ෂ 1942 සිට ක්‍රියාත්මක වන මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියටත් රැක ගැනීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කීවේය.
දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමයේදී මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය යෙදවුම් රැසක් මෙරට නිෂ්පාදනය කළ අයුරින් යළිත් ඇතැම් නිෂ්පාදන දේශීය වශයෙන් සපයා ගැනීමට සැලසුම් යොදා ඇතැයි ද අමාත්‍යවරයා කීය.
ඒ අනුව ශල්‍ය ගෝස් නිෂ්පාදනය දේශීය නිෂ්පාදකයන් විසින් ආරම්භ කොට ඇති බවත් ඒ තුළින් වාර්ෂිකව රුපියල් මිලියන 200ක් පමණ දේශීය නිෂ්පාදකයන්ට ලබාදිය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
ආහාර සුරක්ෂිතතාව තුළින් මන්ද පෝෂණය අඩු කිරීමේ ගෙවතු වගා වැඩසටහනක් සැලසුම් කොට ඇතැයි ද සඳහන් කළ අමාත්‍යවරයා නිවසේදී වගා කළ හැකි භෝග වගා කිරීම පිළීබදව මහජනය උනන්දු කරවිම එමගින් අපේක්ෂීත යැයි කීහ. ගෙවතු භෝග වගා ආරම්භ කිරීම මගින් මන්ද පෝෂණය සියයට පනහක් දක්වා පහත දැමීමට එමගින් හැකියාව ලැබෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් කීවේය.
කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගහඇල්ල මහත්මිය ඇතුලු පිරිසක් ඉඩම්ලාභීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
-
Asela Sunday, 13 August 2023 10:01 AM
Where is the free education and free health service in Sri Lanka?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

