නිදහස් සැමරුම් උත්සවය සඳහා රුපියල් කෝටි 20ක් වියදම් වන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් ප්‍රියන්ත මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (12දා) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම උත්සවයට රුපියල් කෝටි 57කට වැඩි ඇස්තමේන්තුවක් ලැබුණු බවද, ජනාධිපති ලේකම් කාර්යාලය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කර එය කෝටි 20ක් දක්වා අඩුකර ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.