නිදහස් දින සැමරුමක් අනවශ්‍ය බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශ කර ඇති බවත් එවැනි දෙයක් ප්‍රකාශ කිරීම ප්‍රාථමික මට්ටමේ බොළඳ සිතුවිල්ලක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඕනෑම රටක් තම නිදහස් දින ඒ රටට සැමරිය හැකි උපරිම අයුරින් සමරන බවද ඔහු ප්‍රකාශ කළේය. මේ හරහා රටවල් අතර සබඳතා පවත්වාගෙන යන බවත් රටක් පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය ලක්වන දිනයක් ලෙස නිදහස් දිනය හැදින්විය හැකි බවත් ඔහු පැවැසීය.
ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 275ක් බවත් එම මුදල දිනක විදුලිය නොකපා සිටීමට තරම්වත් ප්‍රමාණවත් නොවන බවත් ඔහු පැවැසීය.