නිදහස් දින සැමරුමට විශේෂ ආරක්ෂක වැඩසටහනක්
78 වන නිදහස් දින සැමරුමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය.
78 වන ජාතික නිදහස් සමරු උළෙල පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (29) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
මෙවර පැවැත්වෙන 78 වන නිදහස් දින පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ හමුදා නිලධාරීන් 234 දෙනෙකු සහ සෙසු නිලයන් 3323 දෙනෙකු, ජාතික ශිෂ්‍ය භට බලකායේ නිලධාරීන් 12 දෙනෙකු සහ ශිෂ්‍ය භටයින් 479 දෙනෙකු සහභාගී වීමට නියමිත බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.
මීට මාස දෙකකට පෙර දිට්වා සුළි කුණාටුව පැවති කාලවකවානුවේදී ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වය සංකේතවත් කරමින් මෙම ආචාර පෙළපාලිය අභිමානයෙන් සමරන බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
ඊට සමගාමීව නාවික හමුදාව විසින් සාම්ප්‍රදානුකූලව හමුදා නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසු නිලයන් 82 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ගාලුමුවදොර පිටියේදී සම්මාන වෙඩිමුරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සඳහන් කළේය.
එමෙන්ම ගුවන් හමුදාව ජාතික ධජය පෙරදැරි කර ගනිමින් ගුවන් හමුදාවේ බෙල් හෙලිකොප්ටර් යානා 03ක් මඟින් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් ගුවන් ගත කිරීමට නියමිත බවද ආරක්ෂක ලේකම්වරයා කීය.
78 වන නිදහස් දින සැමරුමට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මුල්කර ගනිමින් ත්‍රිවිධ හමුදාව විසින් දිවයින පුරා විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති බවද ඔහු පැවසීය.
නිදහස් දින පෙරහුරු පෙළපාලි ජනවාරි 30, 31 සහ පෙබරවාරි 01 හා 02 යන දිනයන්හිදී පැවැත්වෙන බැවින්, එම දිනයන්හිදී විශේෂ රථවාහන හා ආරක්ෂක සැළැස්මක් ක්‍රියාත්මක කරන බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

