75 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් වසා තැබෙන මාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව හෙට (03දා) දහවල් 2.00 සිට 2023.02.4 දින නිදහස් දින උත්සවය අවසන් වන තුරු ගාලුපාර, බාලදක්ෂ මාවත හන්දියේ සිට ගාලු මුවදොර වට රවුම දක්වා උත්සවය පැවැත්වෙන කොටස වසා තැබෙනු ඇත.
එසේම හෙට සවස 6 සිට 04 දා උදෑසන 10 දක්වා බම්බලපිටිය දුම්රිය පොල හන්දියේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා මුහුදු මාවත කොටස වසා තැබෙනු ඇත.
මාර්ගය වසා තබන කාලය තුළ ප්‍ර දේශයේ පදිංචි ජනතවට ව්‍යාපරික සථානවලට හා කාර්යාල වලට ගමන් කිරීමට බාධාවක් නොවන පරිදි මෙම මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවෙනු ඇතැයි පොලිද් මූලස්ථානය පවසයි.
නිදහස් දින උත්සවය අවසන් වීමත් සමග රථවාහන ගමනාගමනය සඳහා මාර්ග විවෘත කිරීමේ කටයුතු සිදුකරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.