අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳසැළක රථ ගාලේදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳට ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීමේදී වෙඩික්කරුවන් ගමන් ගත් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. සැකකරුගේ ඡායාරූපයක්ද පොලිසිය විසින් නිකුත් කර තිබේ.


