නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා නොකළ ගුරුවරුන්ට දැනුම් දීමක්
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.
ජාතික පාසල්වල සේවය කර, වෙනත් පාසල්වලට තාවකාලික අනුයුක්ති ලබා, දැනට එම කාල සීමාව අවසන් කළ අය සඳහා මෙම නිවේදනය වලංගු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
popular news
-
රජයේ සේවකයා Friday, 15 May 2020 04:14 PM
මේ ප්‍රවෘත්තිය නිරවුල් එකක් නොවෙයි. මෙ පහත ආකාරයට නිවැරදි විය යුතුයි. යම් ජාතික පාසලකින් වැටුප් ලබා වෙනත් ජාතික පාසලකට / පළාත් පාසලකට අනුයුක්තව සේවය කරන ගුරු භවතෙකුගේ එම අනුයුක්ත කාල සීමාව පාසල් නැවත ආරම්භ කරන දිනට පෙර අවසන් වේ නම් එම ඔහු / ඇය පාසල් නැවත ආරම්භ කරන දින තමන් වැටුප් ලබන පාසලේ සේවයට වාර්තා කළ යුතුවේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

