නිකවැරටිය රෝහලේ පවතින දැඩි හිඟයක්ව පවතින අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ මිලදී ගැනීම සඳහා නිකවැරටිය නගරයේ ව්‍යාපාරිකයන් ගෙන් ආධාර මුදල් ලබා ගැනීමේ වැඩසටහනක් රෝහල් කාර්ය මණ්ඩලය හා රෝහල් කමිටුවේ මූලිකත්වයෙන් නිකවැරටිය නගරයේදී අද (07දා) ක්‍රියාත්මක කෙරිණි .
මෙම අවස්ථාවට රෝහල් කමිටුවේ නිලධාරීන්ද ,රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය ,හෙද ,සහ සෙසු කාර්ය මණ්ඩල ඇතුලු පිරිසක්ද එක්ව සිටි අතර ඔවුහු නගරයේ ව්‍යාපාරික ස්ථාන කරා ගොස් ,නිකවැරටිය රෝහලට හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ මිලදී ගැනීම සඳහා සහය වන ලෙසත් සුවහසක් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට දායක වන ලෙසත් ව්‍යාපාරිකයන් ගෙන් ඉල්ලා සිටියහ.
මෙහිදී නගරයේ ව්‍යාපාරිකයන් දැඩි උනන්දුවක් දක්වමින් ඉතා සතුටුදායක ප්‍රතිචාර දක්වමින් එම පුණ්‍යකර්මයට දායක වූ බවද රෝහල් කමිටුව සහ රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කලහ.
නිකවැරටිය ප්‍රියානි මංගලිකා

