සියයයට 6 සිට සියයට 50ක් දක්වා ලෝකයේ රටවල් වල තෙල් මිල ඉහළ ගොස් ඇති බවත් ශ්රි ලංකාව තෙල් මිල ඉහළ දැම්මේ සියයට 8කින් පමණක් බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
"අපේ අතේ විතරක් තෙල් මාකට් එක තිබුණ නම් දැන් පාඩු ලබලා පස්සේ ලාභ ලබන්න තිබුණා. අපේ මාකට් එකෙන් සියයට 43ක් පෞද්ගලික අංශය ඉන්නේ. ඒ අය පාඩු ලබන්න කැමති නෑ. මිල වැඩි නොවුණොත් ඔවුන්ට එක් නැවකින් ඩොලර් මිලියන 55ක් පමණ අලාභ වෙනවා. ඉලක්ක ගත ප්රජාව ගැනත් අපි හිතන්න ඕන. කොහොමවුණත් තෙල් මිල ගැන ඉක්මනට තීරණයක් ගන්න වෙනවා. අලාභ ලැබුණොත් ඒ අය තෙල් නැව් ආනයනය කරන්නේ නෑ"
මේ අනුව ජනපතිවරයාගේ කථාවෙන් පැහැදිලි වන්නේ බොහෝ විට තවදුරටත් තෙල් මිල ඉහළ යාමට ඉඩ ඇති බවයි. ඩොලරයකින් තෙල් මිල ඉහළ යන්නේ නම් ශ්රී ලංකාවේ තෙල් මිල රුපියල් දෙකකින් ඉහළ යන බව ජනපතිවරයා මෙහිදී පැවැසීය.