නැදුන්ගමුවේ රාජා හස්තියා නැවත ප්‍රතිෂ්ඨාපනය කොට එය මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට ස්ථානයක් නොමැති නම්ඒ සඳහා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හෝ කූරගල බෞද්ධ සිද්ධස්ථානයේ ස්ථානයක්වෙන්කර දිය හැකි බව රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති .
උන්වහන්සේ ඒ බව අවධාරණය කොට සිටියේ උන්වහන්සේ විසින් මුහුණු පොතේ තබන ලද සටහනක් සම්බන්ධයෙන් කළ විමසීමකදීය . එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ පැවසීය .
මාගේ පෞද්ගලික මතය වන්නේ නැදුන්ගමුවේ රාජා හස්තියාට නිසි ගෞරවයක් ලබා දිය යුතු වුවත්රාජා හස්තියාගේ සිරුර තැන්පත් කළ යුතුව ඇත්තේ දළදා මාළිගා පරිශ්‍රයේ නොවන බවයි .ඇතාගේ සිරුර සකස් කිරීමෙන් අනතුරුව එය මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කිරීමට තැනක් නොමැති බවට මේ වන විට විවිධ මතිමතාන්තර පැතිරෙමින් පවතිනවා .
අනාවරණය වන කරුණු අනුව නැදුම්ගමුවේ රාජා වසර 11ක් පමණයි දළදා පෙරහරට සම්බන්ධ වෙලා තිබෙන්නේ .දලදා මාලිගාවේ රාජා ඇතා වසර 50 කට අධික කාලයක් දළදා පෙරහරට සහභාගි වි සධාතුක කරඬුව වැඩමවා තිබෙනවා .අනෙක් කාරණාව වන්නේ රාජා හස්තියා දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිටි ඇතෙක් .නමුත් නැදුන්ගමුවේ රාජා හස්තියා දළදා මාළිගාවේ ඇත් පන්තියේ ඇතෙක් නොවෙයි .එම ඇතා පෞද්ගලික හිමිකරුවෙකුගේ ඇතෙක්.
දළදා මාලිගාවේ පෙරහරේ සධාතුක කරඬුව වැඩම වූ ඇතුන් සියලු දෙනා දළදා මාළිගා පරිශ්‍රයේ තැන්පත් කරන්න ගියොත්තවත් වසර සීයකින් පමණ දළදා මාළිගා පරිශ්‍රය ඇත් සොහොනක් වෙයි .
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ රටට සම්පතක් වූ විශේෂිත අලි ඇතුන් මරණයට පත් වූ පසු එම අලි ඇතුන්ගේ සිරුරු සකස් කොට මහජනතාවට නැරඹීමට ගෞරව කිරීමට වෙනත් සුවිශේෂී ස්ථානයක් ස්ථාපිත කළ යුතු බවයි .එවැනි ස්ථානයක් සකස් කිරීමට අවශ්‍ය සහාය ලබාදිය හැකි බවද උන්වහන්සේ පැවසීය .
ෂේන් සෙනෙවිරත්න