නැගෙනහිර පළාතේ වියදම් අවම කරන්න - ආණ්ඩුකාරවරිය
වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති ආර්ථික හා සාමාජීය අර්බුදකාරි ජනජිවිතය සාමාන්‍ය තත්වයට පත් වන තුරු නැගෙනහිර පළාත් සභාව විසින් සිදු කරන මූල්‍යමය වියදම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවම කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කළාය.
රටේ සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට බාධා පැමිණ ඇති තත්වයක් තුළ නැගෙනහිර පළාතේ ජනතාවද එම ගැටළුකාරි ස්වභාවයට මුහුණ දෙමින් සිටිති.
මෙවන් අවස්ථාවක පළාත් සභාව සතු සියළු ආයතන සිය මූල්‍යමය ප්‍රතිපාදන අත්‍යවශ්‍යම සේවාවන් සදහා පමණක් සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙසද ආණ්ඩුකාරවරිය සදහන් කළාය.
ඒ අනුව, පළාතෙහි විශේෂ උත්සව අවස්ථා සංවිධානය කිරීම, උත්සව සදහා ආරාධනා පත්‍ර මූද්‍රණය කිරීම., අත්‍යවශ්‍ය නොවන රාජකාරි ප්‍රවාහන කටයුතු, නව භාණ්ඩ මිළදී ගැනීම. මීට පෙර සැලසුම් කර ඇස්තමේන්තු කර තිබුණද මෙතෙක් ආරම්භ නොකරන ලද අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති සහ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම ද තාවකාලිකව නතර කරන ලෙස ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් දැනුම් දුන්නාය.

popular news
-
asanka Friday, 08 April 2022 07:07 AM
මුලින්ම ආණ්ඩුකාරතුමියගේ පෞද්ගලික කාර්ය මණ්ලඩය අඩු කරන්න කියන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

