නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමේ ද්‍රෝහී ක්‍රියාවෙන් වළකින්න
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමේ ද්‍රෝහී ක්‍රියා කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිදු කරන විරෝධතා සමග සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ අද (01දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වන ගිවිසුම ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර සිදුවන්නේ නම් ඉන්දියානු රජය ආදානි සමාගම නම් කළ ලියවිල්ල පෙන්වීමට කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“රට බේරගන්න ඉන්න එකම කණ්ඩායම විදියට තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. දේශීයත්වය සුරක්ෂිත කරමින් දේශීයත්වට ඉහල වටිනාකමක් දෙනවා කියලා තමයි ආණ්ඩුව බලයට ආවේ. ඇත්තටම දැන් රටේ ජනතාව කියනවා මේ ගෙවුනු අවුරුදු එකහමාරක කාලය දිහා බැලුවම මේ අයගේ කථාව විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

