කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ප්‍ර කෝටිපති ව්‍යාපාරක ගෞතම් අදානිට ලබාදිමේ සූදානමක ඇති බවට වරාය වෘත්තිය සමිති කිහිපයක් මාධ්‍ය හමුවක් කැඳවමින් කළ ප්‍රකාශය අසත්‍ය බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද මහතා පැවැසීය.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන බවයි.
කෙසේ වෙතත් පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම ජැටිය සඳහා අවශ්‍ය දොඹකර නිශ්පාදනය කිරීම වෙනුවෙන් චීන සමාගමකට ගෙවිය යුතු ඩොලර් මිලියන 39ක ගෙවීමක් ප්‍රමාද වී ඇති බවයි.
ඒ අනුව දොඹකර නිශ්පාදනය කිරීමේ ගැටලුවක් ඇති බවත් එම පමාවීම හරහා නැගෙනහිර පර්යන්තය ගෞතම් අදානිට ලබාදෙන බවට වන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පැවැසීය.