කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය රජය සතුව තබාගනිමින් එහි කළමණාකරණයට පෞද්ගලික සමාගමක් පිහිටුවිමට තිරණයක් ගෙන ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. කොළඹදී ඊයේ පැවැති අයෝජන සමුවව අමතමින ඔහු මේ බව කීවේය.
"අපේ ආර්ථික උපායමාර්ගයේ වැදගත්ම කේන්ද්‍රය තමයි වරාය. දැනට වරාය අධිකාරිය සතුව නැගෙනහිර ජැටිය තිබෙනවා. මේ ජැටියෙන් අපි කන්ටේනර් හුවමාරු කරන්නේ ලක්ෂ 5ක් වගේ. මම හිතනවා ඒ් ජැටි හසුරුවන කාරයය රජයට පමණක් තනිව කරන්න බෑ.
මම හිතන්නේ නැගෙනහිර ජැටියේ අයිතිය රජයේ තබාගෙන ඒය කළමණාකරණය කිරීම පිළිබඳ සමාගමක් පිහිටුවා ඒ් සමාගමේ කොටස් ආයෝජකයන්ට පැවැරීමට අපි තීරණය කළා. නැගෙනහිර ජැටියේ කන්ටේනර් මිලියන 3.2ක් හැසිරවිමේ ධාරිතාවයක් තිබෙනවා. නමුත් අපි මෙයෙවන්නේ මිලියන දශම පහයි (ලක්ෂ 5යි) දිනයක් පාසා අපිට තිබෙන සම්පතින් අපි ප්‍රයෝජන ගන්නේ නෑ. ජාත්‍යන්තර වශයෙන් නැව් සමාගම් සමග සාකච්ඡා කරමින් තිබෙනවා. ඉතාමත් හොඳ සමාගම් අපිට කැඳවන්න පුළුවන් වේවි කළමණාකරණය සඳහා."
