නැගෙනහිර අධ්‍යාපනය බලවත් කඩා වැටිමක
නැගෙනහිර පලාත් සභාවේ අධ්‍යාපනය අමාත්‍යංශය යටතේ පාලනය වන කලාප අධ්‍යාපන කොට්ඨාශ 17 ක විදුහල් 1128 සදහා ගුරුවරුන් 5700 ක් පමන අඩු බව නැගෙනහිර පලාත් සභාවේ උසස් නිළධාරියෙක් පැවසිය.
මේ හේතුව නිසා නැගෙනහිර අධ්‍යාපනය ඉදිරියට ගෙන යෑමේ බරපතල ගැටලුවක් පවතින බවද පැවසිය. දැනට ප්‍රධාන විෂයන් ධාරවන් වන ප්‍රාථමික අංශයට සිංහල ගුරු පුරප්පාඩු 56 ක් පවතින අතර දෙමල පුරප්පාඩු 528 ක් පවති.ඉංග්‍රිසි ගුරු පුරප්පාඩු සිංහල විදුහල්වලට 98 ක් පවතින අතර දෙමළ මාධ්‍ය සඳහා 178 ක් පවති.විද්‍යාව ගුරු පුරප්පාඩු සිංහල මාධ්‍ය සදහා 67 ක් පවතින අතර දෙමළ මාධ්‍ය සඳහා 119් ක් පවති.ගණිතය සිංහල මාධ්‍ය සඳහා 94 ක් පවතින අතර දෙමළ මාධ්‍ය සඳහා 356 ක් පවති.
දැනට නැගෙනහිර පලාත් සභාව යටතේ ඇති ජාතික පාසැල්වලට පලාත් සභා ගුරුවරුන් 58 ක් අනුයක්තකර ඇති අතර වසර 10 ක සේවාවන් අවසන් කර වෙනත් පලාත් වලට ස්ථාන මාරුවිමී ලැබ යෑමට සිටින ගුරුවරුන් 60 දෙනෙක් සිටින බවද පැවසේ .මෙයට අමතරව නැගෙනහිර පලාතේ අධ්‍යාපනය සඳහා පරිපාලන නිළධාරින් 205 ක අඩුවක්ද පවති.
පවතින තත්වය අනුව අම්පාර අධ්‍යාපන කලාපයට පමණක් ගුරුවරුන් 500 ක පමන හිඟයක් පවතින බව වාර්තාවේ.මෙම තත්වය අනුව අම්පාර කලාපයේ පාසැල් පද්ධතිය පවත්වා ගෙන යෑමට නොහැකි තත්වයක් උදාවි ඇති අතර මේ තත්වය මත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තාවේ.
මෙයට අමතරව සමස්ථ පාසැල් පද්ධතිය පවත්වාගෙන යෑමට නොහැකිව විදුහල්පතිවරැන් අන්ත අසරණ තත්වයකට පත්ව ඇති අතර මේ හේතුව නිසා විදුහල්පතිවරුන් එක ගුරුවරයා විෂයන් කිහිපයක් ඉගැන්විමට කටයුතු යොදා ඇති අතර කලාප කාර්යාලය මගින් සමහර ගුරුවරුන් වෙනත් විද්‍යාලවලට දින කිහිපයක් අනුයුක්ත කර තිබේ.මේ අතර තම දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගැනිමට ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලා දෙමව්පියන් අම්පාර කලාප අධ්‍යාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්විමට පටන් ගෙන තිබේ.
දැනට අම්පාර අධ්‍යාපන කලාපයට ප්‍රාථමික ගුරුවරුන් 70 ක් ප්‍රාථමික ඉංග්‍රිසි ගුරුවරුන් 25,ගණිතය ගුරුවරුන් 35 ,විද්‍යාව ගුරුවරුන් ,15 , සිංහල ගුරුවරුන් 10,ඉතිහාසය ගුරුවරුන් 25 ,භුගෝලය ගුරුවරුන් 47,දෙමළ 38 , සංගීතය 18 ,චිත්‍ර 28 ,නැටුම් 17 , අයි.ටි.41 ,ගෘහ විද්‍යාව 29 ,සෞඛ්‍ය 26 ,ජෙනරල් ඉංග්‍රිසි 26,අයි.ටි.ලැබ් 48 , ඇතුලුව විවිධ ගුරු පුරප්පාඩු 500 ක් පමන ඇති බව වාර්තාවේ
පවතින තත්වය අනුව අම්පාර අධ්‍යාපන කලාපයේ පැසැල්වල අධ්‍යපාන මට්ටම පහල බසිමින් පවතින අතර දරුවන්ගේ ප්‍රථිපල වැඩි කර ගැනිමට දරුවන් අමතර පන්තිවලට යැවිමට දෙමව්පියන් උත්සහයක යෙදි සිටින අතර පවතින ආර්ථික තත්වය අනුව සමහර දෙමව්පියන්ට දරුවන් අමතර පන්ති යැවිමටද නොහැකි වි තිබේ.
මේ පිලිබදව විමසිම සදහා නැගෙනහිර අධ්‍යාපන ලේකම්වරයා සම්බන්ධ කර ගැනිමට අප උත්සහ කල අතර ඔහු විදේශ ගතවි ඇති බැවින් ඔහු සම්බන්ධ කර ගැනිමට නෙැහැකිවිය.
නමුත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිළධාරියෙක් පැවසුවේ නැගෙනහිර පලාතේ විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් තිබෙන බව සත්‍ය කාරණයක් බවයි. මෙම මස 24 වෙනි දින ගුරුවරුන් බඳවා ගැනිමට පවත්වනු ලබන විභාගයෙන් පසුව මෙම තත්වය යම් තාක් දුරට පාලනය කර ගැනිමට හැකි වුවත් එයින් ප්‍රශ්නයට පුර්ණ පිලිතුරක් නොලැබෙන බවද පැවසිය.මෙම ගුරු පත්විම් බදවා ගැනිමට නොහැකි වුයේ අධිකරණයේ පැවැති නඩුවක් නිසා බවද පැවසිය.
වසන්ත චන්ද්‍රපාල - අම්පාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
