මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කු අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ. ඒ අනුව එම අනතුරින් අපවත්වූ හිමිවරුන් සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිමිනමක් මෙසේ අපවත් වී ඇත. තුවාල ලැබූ තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
අනතුර සිදුවන අවස්ථාවේදී එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේලා 13 නමක් සිට ඇති බවත් වාර්තා විය. අනතුරින් අපවත් වූ හිමිවරුන් තිදෙනෙකු විදෙස් ජාතික හිමිවරුන් වූ අතර එම හිමිවරුන් ඉන්දියාව, රුමේනියාව සහ රුසියානු රටවල වාසය කළ හිමිවරුන් විය.