කුරුණෑගල මැල්සිරිපුර පන්සියගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී පීලි මතින් දිවෙන ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ තවත් භික්ෂූන් වහන්සේ හය නමක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහව මහේස්ත්‍රාත් කංචනී නර්තනී අභිමානී සෙනෙවිරත්න මෙනවිය පන්සියගම පොලිසියට නියෝග කළාය.
මෙම ඩක්කුව කඩා වැටීමේ සිද්ධියට අදාළ විමර්ශන සඳහා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සහය ලබා ගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරිය පන්සියගම පොලිසියට නියෝග කෙරිණි. මෙම අනතුරින් අපවත් වී සිටින භික්ෂූන් වහන්සේගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ මෘත දේහයන් උන්වහන්සේලාගේ භාරකරුවන් වෙත මුදා හරින ලෙසටද එහිදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගකළ මහව මහේස්ත්‍රාත්වරිය පිළිමතින් දිවෙන ඩක්කුවක් කඩා වැටීමේ ක්‍රියාවලියේදී යම් අපරාධමය වරදක් සිදු වී ඇත්ද යන්න පිළිබඳවද විමර්ශන වලදී අනාවරණය කරගෙන ඒ පිළිබඳවද අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටද පන්සියයකම පොලිසියට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.
මහව මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කරනුරනු ලැබුවේ කුරුණෑගල මැල්සිරපුර පන්සියගම පොලිස් වසමේ පිහිටි නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුලදී පීලි මතින් දිවෙන ඩක්කුවක් අ හදිසියේ කඩා වැටීමෙන් ආරණ්‍ය සේනාසනවාසීව සිටි භික්ෂූන් වහන්සේ හත් නමක් එම ස්ථානයේදීම අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ තවත් භික්ෂූන් වහන්සේ හය දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පන්සියයකම පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමිනි.
එහිදී පන්සියගම පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී පිළී මතින් ගමන් කරමින් තිබූ ඩක්කුවක් හදිසියේ කඩා වැටී ඇති බවත් ඉන් භික්ෂූන් වහන්සේ කීහිප දෙනෙකු මියගොස් ඇති බවත් සහ තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් විවිධ තුවාල වලට ලක්ව ඇති බවත් පන්සියගම පොලිසියට තොරතුරක් ලද බවයි.
වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම අනතුරින් ජීවතුන් අතර සිටින සහ තුවාල ලැබූවන් බේරා ගැනීමේ මෙහෙයුම අදාළ අංශ සමග ක්‍රියාත්මක කළ බවද. අධිකරණයට දැනුම් දුන් පන්සියගම පොලිසිය මේ වන විට එම අනතුරින් ආරණ්‍යවාසීව වැඩසිටි භික්ෂුණීන් වහන්සේ හත් නමක් මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයි ද ප්‍රකාශ කළේය.
තවත් භික්ෂුන් වහන්සේ හය නමක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන් භික්ෂූන් වහන්සේ දෙදෙනෙකුගේ තත්ත්වයන් බරපතළ බවට රෝහල ප්‍රකාශ කොට ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහල ප්‍රකාශ කොට ඇති බවද පන්සිය ගම් පොලිසිය තවදුරටත් අධිකරණයට පවසා සිටියේය.
මෙම අනතුරින් අපවත් වී සිටින භික්ෂුන් වහන්සේලා හය දෙනාගේ දේහයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අදාළ මෘත දේහයන් එම භික්ෂූන් වහන්සේලාගේ භාරකරුවන් වෙත මුදා හරින ලෙසද කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද පන්සියගම පොලිසිය අධිකරණයෙන් අයැද සිටියේය.
මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහව මහේස්ත්‍රාත් කංචනීය නර්තනී අභිමානී සෙනෙවිරත්න මෙනවිය අදාළ මෘත දේහයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම දේහයන් උන්වහන්සේලාගේ භාරකරුවන් වෙත මුදාහරින ලෙසටද කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කෙරිණි.
මේ අතර අදාළ අනතුර පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්. අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පන්සියකම පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය පිළිමතින් ගමන් කරමින් තිබු ඩක්කුව කඩා වැටීමේ ක්‍රියාවලියේදී යම් අපරාධමය වරදක් සිදුවී ඇතිද යන්න පිළිබඳව විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙසට ද පන්සියගම පොලිසියට තව දුරටත් නියෝග කළාය.
මෙම අනපේක්ෂිත අනතුරින් අපවත් වූයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ මල්වානේගම සමිද්ධි හිමි (47), නාවලපිටියේ උත්තරානන්ද හිමි(27), නුගේගොඩ විපස්සී හිමි(37), ඉන්දියාවේ ධම්මගවේසී හිමි(31), උඩවලවේ සන්තසුමන හිමි(59), රුමේනියාවේ ධම්මරංසි හිමි (48)සහ රුසියාවේ ධම්මරක්ඛිත හිමි(48) යන හිමිවරුන්ය .
අනතුරින් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනුයේ අනිවත්තේ සරණංකර හිමි (34), ගල්නෑවේ පඤ්ඤාදීප හිමි(36), රාජගිරියේ ලෝකහිතහිමි(39) , පොකුණුවිට පවරසමාහිත හිමි(26), උණපානේ චන්දසිරි හිමි(35) පන්නිපිටියේ ඉන්දෝභාස හිමි යන හිමිවරුන් ය.නිකවැටටිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත පන්සිය ගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.