බටහිර දෙසින් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය තිබෙන බවට තහවුරු වී තිබේ.
එහි දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය.
මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 5කට ආසන්න වන බවද හෙතෙම සඳහන් කළේය.