දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 35 ක් අද පස්වරුව වන විට නාවික හමුදාව සූදානමින් තබා ඇත.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත, අයහපත් කාළගුණික තත්වය හමුවේ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සැළසීම සඳහා බටහිර නාවික විධානය මඟින් කළුතර, රත්නපුර හා කොළඹ ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 26 ක් ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල, තංගල්ල හා හම්බන්තොට ප්‍රදේශ ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 09 ක් ද සුදානමින් තබා ඇත.
තවද, මෙම සහන කණ්ඩායම් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතාවය මත ස්ථානගත කර ජනතාවට කඩිනමින් සහන සැළසීම සඳහා මෙලෙස සූදානමින් තබා ඇත.