නාවික හමුදා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පසුගිය 20දා හා 21දා දෙදින මන්නාරම් වෙරළ තීරය සහ ආරුගම්බේ කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක මහතාගේ අධික්ෂණය යටතේ විධානයට අයත් ආයතනයන් මඟින් මන්නාරම් වෙරළ තීරය ආවරණය වන පරිදි කඩොලාන පැල 1200ක්ද, ගිනිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මහින්ද මහවත්ත මහතාගේ අධික්ෂණය යටතේ එම විධානයට අයත් ආරුගම්බේ කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි කඩොලාන පැල 250ක් ද, මෙලෙස රෝපණය කිරීම සිදු කෙරිණි.
මෙම කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහන් සඳහා උතුරු මැද සහ ගිනිකොණ නාවික විධානයන්ට අයත් ආයතනයන්හි නාවික පුද්ගලයන් රැසක් සහභාගි වි සිටියහ.

