නාවික හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත නිලධාරීන් 222 දෙනෙකු සහ සෙසු නිලයන්ට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3548 ක් අද ( 09) උසස් කිරීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, කොමදෝරු නිලය දක්වා නිලධාරීන් දෙදෙනෙක්ද (02), ලුතිනන් කොමාණ්ඩර් නිලය දක්වා නිලධාරීන් පනස් හයදෙනෙක්ද (56), ලුතිනන් නිලය දක්වා නිලධාරීන් පනස් අට දෙනෙක්ද (58), උප ලුතිනන් නිලය දක්වා නිලධාරීන් හැට හත් දෙනෙක්ද (67), වැඩ බලන උප ලුතිනන් නිලය දක්වා නිලධාරීන් හත් දෙනෙක් (07) සහ මධ්‍ය නිලධාරි දක්වා නිලධාරීන් තිස් දෙදෙනෙක්ද (32) වශයෙන් නිලධාරීන් 222 ක් ඊළඟ නිලය දක්වා උසස් කරන ලදී.
එමෙන්ම, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 692 ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 287 ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 951 ක්ද, සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 1259 ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 330 ක් ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 18 ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 11 ක් වශයෙන් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 3548 ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කරන ලදී.